Wednesday, January 9, 2013

ඇස්

දකින තුරා දින ගැන්නෙමි  සිනහ නුබේ..
මටත් හොරා සිත බැදිලයි  රුවට නුබේ..

අදුරු පැලට එලිය උනා සිනහ නුබේ..
පාලු පැලට මල් පිපුනා දෙවට දිගේ..


කිව කතා නෑසුනාද කනට නුබේ..
පෝය දාට නුබ එනවද හීන් සැරේ..

ආවෙ නැතත් දෙවට දිගේ වෙනද වගේ..
ආල හිතේ මල් පිපිලා නුබට ලොලේ..

මාල පබලු තෝඩු නැතත් මගේ ඉනේ..
ආලේ කරමි මියෙන තුරා මැණික මගේ..

මටත් හොරෙන් පිට දීගෙක ගියොත් නගේ..
පාලු වෙයිනෙ නුබට තනපු ගෙපැල මගේ..

ආල හිතට වාවනු බෑ රැවුම් නුබේ..
සිත දුන්නද පිට ගමකට මගේ නගේ..

නුබ යනව ලු මා හැරදා නවම් මහේ..
එහෙම උනොත්,
වෙසක් මහට පිරිකර ගෙන වරෙන් මෙහේ..


6 comments:

  1. he heeee patta oyi....eka newe den kauda me kella :O

    ReplyDelete
    Replies
    1. සිහින කුමරිය තමයි ඕන්.. :P
      මෙහෙම යන්න කෙනෙක් නෑ තවම..

      Delete
  2. ලස්සන නිර්මාණයක්.. තව තවත් මෙවැනි දේ ලියන්න.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී... හැකි විදියට ලියනව... වැරදි තිබුනොත් කියන්න..

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. //කිව කතා නෑසුනාද කනට නුබේ..
    පෝය දාට නුබ එනවද හීන් සැරේ..//
    මේක මමත් කිය කිය හිටපු ටිකක් :(

    ReplyDelete