Friday, May 24, 2013
















අහිමි සදවතී... 

01 වෙනි දිගහැරුම... 



වසන්ත කාලය හෙමින් හෙමින්.. ගෙවී යන්නට සිතන විටම වෙසක් සද අහසට අරක් ගන්නේ අමාරුවෙන් නමුත් කාබී ප්‍රීතියෙන් සිටි කාලයට වඩා දැහැමින් ගෙවන් ජිවිතේ හරිම නිස්කලංකයි.. සරලයි කියන්නා වාගේ...

         කාලය හෙමින් ගලායමින් තිබියදී උසස් පෙල විභගයට තවත් ඇත්තේ තවත් මාස් කිහිපයක් කියල මතක් වෙද්දිත් හිතට දැනෙන්නේ ලොකු බයක්... ඒ හැගීම කොහොමනම් විස්තර කරන්නද...
හ්ම්ම් ඔහොම හිතන ගමන් බස් එක වේගයෙන් මාස්පොත පහු කරමින් තිබ්බෙ...
අද තියෙන්නේ භෞතික විද්‍යා පන්තිය.. පොත්ටික අතේ තියාගෙන එව දිහා ටිකක් බැලුවෙ පාඩම් කරපු දේවල් ටිකක් හරි මතක් කරගන්න...

මම කවදත් පන්ති ගියේ තනියම.. යාලුවො නැතුව නෙවේ එකති උනොත් හරිම වියදම්.. අම්ම අමාරුවෙන් කුලී වැඩක් කරල දෙන කීයක් හරි අරන් ගෙදරින් එන්නේ අමාරුවෙන් හදාගත්ත හොර සීසන් එකෙන් එන්න අනුරාධපුරේ ඉදන් එන ලංගමට ගොඩ වෙන්න.. වෙනදටනම් සීට් නෑ.. අද දෙන්නෙක් මගින් බැහැල ඉඩක් හම්බ උනේ පෙර පිනකට කියලත් හිතුන.. ඊයේ දවසම වෙලේ ඉදල කකුල් හොදටම කකියනව...

"කුරුණෑගල බහින්න.... නිදන් ඉන්න අය නගිටින්න... අපි අපහු යන්නත් තියේනවා... කුරුණෑගල බහින්න.. "

හැම දාම මෙහෙමයි..කොන්දොස්තර , මිනිස්සු  සේරම බහිනකම්ම පුරුද්දට වගේ හැමදාම එකම දේ කියවනව..


ඇතුගල මුදුනේ වැඩ ඉන්න පිලිම වහන්සේ දිහා බලල ගමේ පංසල ටිකක් සිහිකරගන්න එක පුරුදක් වෙලා.. අදත්  එහෙමම තමයි... බස් එකේ කොන්දොස්තර අයියගේ කෑ ගැහිල්ලට තෝන්තුවෙල තිබ්බ ඔලුවයි හිතයි දෙකම සංසුන් උනා ටිකකට හරි පිලිමවහන්සේ දැක්කාම...

කොහොම කොහොම හරි මමත් සහභාගී උනේ මෑතකදි කුරුණෑගලට ආව දක්ෂ ගුරුවරයෙක් ගාවට රස්සාව විදියට කරල තියෙනේ පරිඝනක මෘදුකාංග ශිල්පියෙක් විදියට වැඩ කරන එක.. කොහොම නමුත් දැන්නම් රස්සාවට සමුදීල අවිත් තියෙන්නේ...

හැමවිටම ලස්සන හිනාවකින් මුව සරසාගෙන ඉන්න නිහතමානි ගුරුවරයෙක්.. ඒ නිසාම තමා බොහෝ පිරිසක් ඒ පන්ති වලට සහභාගී උනේ.. මහව කියන්නේ කුරුණෑගලට බොහෝ දුර නොවුනත් අපිට නගරයේ දින චර්‍යාව ටිකක් හැඩගැහෙන්න ටිකක් අමාරු උනා..

හැමදාමත් වගේ පන්තියේ පිටිපස්ස පේලියක කෙරවලකින් වාඩි වෙන්නේ කරදරයක් නැතිව පාඩම අහගෙන ඉන්න පිලුවන් වෙන නිසා.. ඒත් හැම වෙලේම අම්මයි අක්කයි කියන දේවල් හිතේ කැරකි කැරකි තියෙන්නෙ දොස්තර සිහිනය සෑබෑකරල දෙන එක.. එසේ මෙසේ ලෙහෙසි පහසු කාර්‍යක් නොවෙන නිසා...
ගමේ පාසලෙන් සාමන්‍යපෙල විභාගේ සාමන්‍ය විදියට පාස් උන මට... මෙච්චර දෙයක් කරන්න් පුලුවන්ද කියන එකත් හිතේ තිබ්බ... ඒත් අක්කගේ ඉල්ලීම අහකදාන්න බැරි උන නිසා කැමති උනා.. අක්කම ඇවිත් පන්තිවලට නොමිලේ යන්න අවසර ගත්තේ මේ සර්ලට අක්කත් අම්මත් විදින දුක කියල..

ඒ ගැන හිතද්දි අක්ක ගැන ලොකු අනුකම්පාවක් ඇතිවෙන්නෙ...

හැමදාම උදේට අම්ම හදල දෙන කහට එක බීල ගෙදරින් එන්නෙ ඒ නිසා කොච්චර බඩගිනි උනත් පිහිටක් උනේ කැන්ටින් එකේ අක්කගේ රුපියල් 12 රොටියක් තමා.. ලෝබ නැතුව දාල දෙන ලුනුමිරිස් ටිකත් එක්ක උනු පිට රොටියක් කන්නේ තරුපන්ති හෝටලයක කෑමවෙලක් ලැබුන වගේ..

"අක්කේ රොටියක් දෙන්න.. 

මල්ලි පොඩ්ඩක් ඉන්න මේ බඩු ටික දීල ඔයගේ දේවල් ටික දෙන්නම්.. " 


මම බැලුව කගෙද මේ බඩු ටික කියල..

කෙල්ලෙගෙනෙ..

ලස්සන අහිංසක පාට මූනක් , හැබැයි පුදුම අඩාම්බර කමක්.. තිබුනේ ඒ මූනේ...

මම ඒ පැත්ත බලනකොටම එයත් මේ පැත්ත බැලුවෙ අක්ක මගෙත් එක්ක කතා කරපු නිස වෙන්න ඔනි..
බැලුවට මොකද ඒ මූනේ තිබුනේ රස්තියාදු කාරයෙක් දිහා බලන බැල්මක්..
මම එහෙමම බිම බලා ගත්තේ ලැජ්ජාවටද.. නැත්නම් ඒ බැල්මට මූන දීගන්න බැරුවද කියල මම අදටත් දන් නෑ..

"ආ  හරි අක්කේ.."

 කියපු මම මගේ සාක්කුව අද්දේ අම්ම උදේ දුන්න රුපියල 30 ගන්න..

කාල ඉවර වෙලා කැන්ටින් එක පිටිපස්සේ ටැප් එකෙන් වතුර ටිකක් බීල ඇවිත් පන්තියෙන් වාඩි උනේ පරන පේපර් එකක් බලල ලකුනු දෙනව කියපු නිසා...

පේපර් එකේ ප්‍රශ්න සේරම සාකච්චා කලත් ප්‍රශ්න ටික ඔලුවට නොගියේ කැන්ටිමට ගිය වෙලාවේ දැකපු ඒ මූන නිසා නේද කියල හිතුනෙ පන්තිය ඉවර වෙලා එලියට එද්දී...

අවුරුදු දෙක තුනකින් මේ වගේ හැගීමක් හිතට දැනුන නිසා හිතට මොකක් නමුත් අමුත්තක් තියෙනවා කියල තේරුනා..
සාමන්‍ය පෙල කරන දවස් වල එහා ගමේ චාර්ලිස් මාමාගේ දුව වෙච්ච සමනලී ගැන හිතේ ඇති උන ආදරේ තවමත් හිතේ තියෙනව කියල දැනිලත් තියෙනව..

කොහෙද හදිස්සිවෙලා පැනල ගිහින් දැන් අම්ම කෙනෙක් කියල අපේ අම්මත් අක්ක එක්ක කියනව අහගෙන පහු ගිය දවසක...

"අඩෝ හු@@@@ ...

මම එක පාරම බැලූවෙ කවුද කියල පිටට ගහල කතා කලේ.. මේකට පිස්සුද කොහෙද පාරේ කුනුහරප කියන්නේ

"අඩේ සංදීපය... 
"ඒයි.. කවිංග.. 

කවිංග කියන්නේ අපේ ගමේ ස්කෝලේ හිටපු ලොකු සර්ගේ පොඩි පුතා...
කට්ටියම කාලෙකට කලින් කුරුණැගලට පදිංචියට ආවේ සර්ගේ මාරුවත් එක්ක...

අපි දෙන්න තමා කරපු දග වැඩ වලින් බාගයක් කරේ ගමේ ඉද්දී...

" දැක්කාමත් සතුටුයි... කොල්ල  උස ගිහින්.. හැබැයි කලු වෙලා වගේ.. "

"ඔව් කවිංග මේ දවස් ටිකේම වෙලේ.. "


"කොහොමද ගෙදර අය හොදින්ද? 


"ම්ම්ම්.... 


ඔව් අම්මයි අක්කයි හොදින්.. "


"ඇයි  තාත්තා.. "


එහෙම කියද්දි මගේ හිතා කඩාගෙන වැටුනේ මීට අවුරුදු 4 ට කලින් තාත්තා පොල් ගහෙන් වටිල එතනම පණ ගිහින් හිටපු එක දැකල අපේ අම්මයි අක්කයි අඩපු හැටි මතක් වෙලා.. තවත් ඒ මූසල දවස හිතේ කොනක හොදටම මතක තියෙනව..

"තාත්තා මැරුණනේ.. "

"ආ... අඩේ සොරී බන්.. මම දැන් අහන් නෑ ඒ ගැන  අපි විභාගේ ඉවර වෙලාම කතා කරමු.. "

"කමක් නෑ කවිංග.. "


"මේ ඒක නෙවේ කැල්ලක් එහෙම නැද්ද... "


" මොන කෑල්ද බන්.. මෙහෙ කෙල්ලො හෙන ගනන් බන්.. "

" අනේ රෙද්ද තමා කොයි හු@@@@ එකයි.. "

කංවිග පාරෙම කුණුහරප දෙක තුනක් කිවේ ගානක්වත් නැතුව.. මම හිතුව කුරුණෑගල අවට පස්සේ වෙනස් වෙන්න ඇති කියල..

"ආ  වරෙන්කෝ යන්න මගේ කෑල්ල ඉන්නව කිව ඉස්සරහ පාරේ... "

මම මුකුත් නොකියම කවිංග පස්සෙන් වැටුනේ එතනට යන්න හිතාගෙන...

එතකොට මම දවාලේ දැකපු ආඩම්බර කාරි ඉන්නව අපි දිහා බලාගෙන.. හිනා වෙවී..

මම කෝකටත් පිටිපස්ස බැලුවෙ වෙන කාටවද්ද කියල...

එතකොටම කවිංග සැලියුට් එකක් දැම්මේ ඒ හිනාව දැක්ක කියන එක අනුමතකරමින්...

එකත් එහෙමද ... මේයාද කවිංගගේ කෑල්ල.. මම කලින්ම බිම බලාගත්තේ ඒ මූන දිහා බලන්න ගිහින් කාලෙකින් හම්බ උන යාලුවව අමනාප කරගන්නේ ඇයි කියල හිතන ගමන්..





"ඔයාලගේ අදහස් වටිනවා.. මොනව හරි කොටල යන්න.. මට ඒක ගොඩක් වටිනව.. "

6 comments:

  1. තව ලියමු. එතකොට මක්ක හරි කියන්නං. ෆාලෝවර් ගැජට් එක දැම්මේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ස්තූතී.. මම ලියන්නම්කෝ පුලුවන් විදියට.. :) ඒක දාගන්න දන්නෑනේ.. :(

      Delete
  2. කතාව දිගටම ලියාගෙන යන් .
    අයිඩියා එකක් ආවා කතාව ගැන .
    එල එල !

    ReplyDelete